දේශබන්ධු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා වන යෝජනා සම්මතය පාර්ලිමේන්තුවේදී බහුතර ඡන්දයෙන් සම්මතයි
2002 අංක 5 දරණ නිලධාරීන් ඉවත් කිරීමේ 17 වන වගන්තියට අනුකූලව, 2002 අංක 5 දරණ යෝජනාව T.M.W මහතා ඉවත් ක...
දශක හතරකට පසු ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහා පරිමාණ අලුත්වැඩියා කටයුතු ආරම්භ වේ
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහා පරිමාණ අලුත්වැඩියාවන් දැන් ආරම්භ වී තිබේ.
කැබිනට් අනුමැතිය ලබන ශ්‍රී...
පුවත්
කඩවත මහාමායා බාලිකා මහා විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය ජනාධිපති ල...
Date: 2025-08-30
News Image
කඩවත මහාමායා බාලිකා මහා විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය පසුගියදා (අගෝ. 26) පාර්ලිමේන්ත...
Chairman
සභාපතිතුමාගේ පණිවුඩය
නව ශ්‍රී ලංකාවක් ගැන සිහින දකින සංක්‍රාන්තික සමයක ඇරඹුමක් සමඟ මෙම වෙබ් අඩවිය, බලංගොඩ ප්‍රාදේශීය සභාව මඟින් සිදුකරනු ලබන කටයුතු, ලැබූ සාර්ථකත්වයන්, මුහුණ දී තිබූ අභියෝග සහ අනාගත උත්සාහයන් පිළිබඳ ජනතාවට පැහැදිලි දැක්මක් ලබාදීමට මහගු රුකුලක් වනු ඇත. 
 අපි ජීවත් වූ ලාංකීය භූමිය පසුගිය වසර සිය ගණනක් තුළ පැවතියේ අසමානතා, අනීතිකභාවයන් හා පරිසර විනාශයන් ආදී ගැටළු රැසක් මධ්‍යයේය. මේවාට පිළියම් සෙවීමට නව දිශානතීන් සොයන, ඒ වෙනුවෙන් කැප වන මානව සමාජයක් ගොඩනැගෙමින් පවතී. එම ගොඩනැගීම්වල පදනම අප සමාජය තුළ සාධාරණත්වය, සමානාත්මතාවය සහ නිවහල්භාවය ආදිය උදෙසා කැප වීමයි. නව දැක්මක් යටතේ ප්‍රාදේශීය පාලනය රටේ සංවර්ධනය වෙනුවෙන් සෘජුව දායක කර ගැනීම ඉතා වැදගත් මෙන්ම අභියෝගාත්මක එකක්ද වෙයි. 
 අපගේ ප්‍රාදේශීය සභාව ජනතාවට ආසන්නම පාලන ආයතනයක් ලෙස සමාජය තුළ වෙනසක් කළ සම්මානලාභී ආයතනයකි. ගතවූ කාලය තුළ දුශ්කරතා මධ්‍යයේ වුවද ජනතාවගේ ජීවිතවල ගුණාත්මකභාවය උසස්කිරීම උදෙසා විවිධ සේවා අප සභාව මඟින් සිදුවිය. ඉන් අතර මාර්ග නඩත්තු කිරීම, මහජන සෞඛ්‍යය පවත්වා ගැනීම, කසළ කළමනාකරණ කටයුතු, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා සහයෝගය, ව්‍යාපාර අවසර ලබාදීම්, වෙළඳසැල් ලියාපදිංචි කිරීම සහ ආරක්ෂිත වෙළඳ පරිසරය සඳහා නිරීක්ෂණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම වැනි සේවා ප්‍රධාන වේ. අධ්‍යාපනික, සංස්කෘතික, ක්‍රීඩා සහ තරුණ ප්‍රජාව සංවර්ධනය යන ක්ෂේත්‍රවලද සැලකිය යුතු ප්‍රගතියක් ලබා දීමට උත්සාහ කළෙමු. පුස්තකාල, ක්‍රීඩාංගන සහ ප්‍රජා මධ්‍යස්ථාන නවීකරණය කිරීම, තරුණයන්ට නව අවස්ථා පෙන්වා දීම සඳහා වැඩමුළු හා පුහුණු වැඩසටහන් සකස් කිරීමද සිදුකර ඇත. පරිසර සංරක්ෂණය සඳහා ද විශාල දායකත්වයක් ලබා දී ඇත. සංචාරක පුරවරයක් ලෙස බලංගොඩ හා ඒ අවට පරිසර පද්ධති සංරක්ෂණයත් සංචාරකයන් වෙනුවෙන් සුදුසු පරිදි සංවර්ධනය කිරීමට අපේක්ෂා කරමු. දේශපාලනය ගැන කාල් මාක්ස් දක්වන අදහස මෙසේ වේ: “තමාට තමා විය හැකි වන්නේ, පුද්ගල නිදහස ආරක්ෂා කර ගත හැකි වන්නේ ගුණවත් සමාජයක් තුලදී පමණි. එනම් තනි තනි පුද්ගලයා තමාගේ යහපත සඳහා පමණක් ක්‍රියාත්මක නොවන, තම කණ්ඩායමේ යහපත සඳහා පමණක් ක්‍රියාත්මක නොවන, මුළු මනුෂ්‍ය වර්ගයා වෙනුවෙන් කටයුතු කරන සමාජයකදී පමණි.” 
 පාලනය යනු බලය භාවිතා කිරීමක් නොව, ජනතාවගේ අවශ්‍යතා සඳහා වගකීම් සපුරාලීමකි. පොදු මහජනතාව සුවෙන් සිටින යහපත් සමාජයක් ගැන හීනය අත්නොහළ යුතුය. එවැනි යහපත් සමාජයක් නිර්මාණය කිරීම සඳහා ඔබගේ සහයෝගය සහ විශ්වාසය අවශ්‍ය වේ. <!-- Signature Section --> 
ගමඇතිගේ ආරියදාස
සභාපති
බලංගොඩ ප්‍රාදේශීය සභාව
තවත් කියවන්න
Secretary
ලේකම්තුමිය‍ගේ පණිවුඩය
දියුණු තාක්ෂණික ක්‍රමවේදයන් මගින් මුළු විශ්වයම ග්‍රහනයට නතුකරගෙන ඇති මෙම කාල වකවානුවෙහි එම තාක්ෂණික මෙවලම් සමග අත්වැල් බැද ඒ හා සමගාමීව පෙර ගමන්කරුවෙකු සේ ඉදිරියට යාම සදහා අප ආරම්භ කරන මෙම වෙබ් අඩවිය මහගු රුකුලක් වනු ඇතැයි මාගේ දැඩි විශ්වාසයයි. නවීන තාක්ෂණික මෙවලම් පිළිබද සෝදිසියෙන් හා උනන්දුවෙන් පසුවන තරුණ පරම්පරාවහට අප වෙබ් අඩවිය මහගු තෝතැන්නක් වන්නා සේම බල ප්‍රදේශය තුළ අප ඉටුකරනු ලබන සේවාවන් හා කාර්යයන් මෙන්ම දැවැන්ත සංවර්ධන ක්‍රියාවලීන් ද ආකර්ෂණීය ලෙස නිවැරදිව ජන හද තුළට ඉතා විනිවිදභාවයකින් යුක්තව ඇතුලත් කිරීම අරමුණ කරගෙන එමගින් බල ප්‍රදේශය , සබරගමුව පළාත තුළ මෙන්ම ශ්‍රී ලංකාද්වීපය පුරාවටම පැතිරුණු සුවිශාල කාර්යභාරයක් අප වෙබ් අඩවිය මගින් ඉටුකිරීමට හැකියාව හා ශක්තිය ලැබේවායී හෘද්‍යාංගමව ප්‍රාර්ථනා කරමි..! <!-- Signature Section --> 
ජී.කේ.ආර්.එන් .ප්‍රේමරත්න මිය
ලේකම්
බලංගොඩ ප්‍රාදේශීය සභාව
තවත් කියවන්න
දැක්ම
“සුව නැණ සුසැදි සසිරිමත් පුරවරයක්.”
මෙහෙවර ප්‍රකාශය
“ප්‍රාදේශීය සභා නෛතික රාමුව තුළ ජාතික හා ප්‍රාදේශීය ප්‍රතිපත්තීන්ට අනුගත වෙමින් , රැස් කළ යුතු සියළු සම්පත් හා බාහිර සම්පත් ද ඵලදායි ලෙස ඒකරාශී කරමින් පුළුල් ජනතා නියෝජනයක් මඟින් බල ප්‍රදේශය තුළ සුඛිත, මුදිත, ජන සමාජයක් බිහි කරලනු වස් සියළු සම්පත් කාර්යක්ෂම හා ඵලදායි සේවා ව්‍යූහයක් කරා මෙහෙයවීම බළන්ගොඩ ප්‍රාදේශීය සභාවේ මෙහෙවර වේ”