ගොඩනැගිලි සැලසුම් අනුමත කිරීම
1. ගොඩනැගිලි සැලසුම් අනුමත කිරීම
ඉදිකිරීම් කටයුතු / ප්‍රතිසංස්කරණ කටයුතු / පවතින ඉදිකිරීම්වල වෙනස්කම් සිදු කිරීම (අමතර කොටස් එකතු කිරීම / වෙනස් කිරීම) යනාදිය ආරම්භ කිරීමට ප්‍රථම ගොඩනැගිලි (නේවාසික / වාණිජ) සැලැස්ම සඳහා පළාත් පාලන ආයතනයෙන් අනුමැතිය ලබා ගත යුතුය.
ඉදිකිරීම් කටයුත්ත අවසාන කිරීමෙන් අනතුරුව අදාළ පරිශ්‍රයට පිවිසීමට ප්‍රථම අනුකූලතා සහතිකය (COC) ලබා ගත යුතුය.
2. අවශ්‍ය ලිපි ලේඛන
- නිවැරදිව සම්පුර්ණ කරන ලද ගොඩනැගිලි සැලසුම් අනුමත කිරීමේ අයදුම්පත
- අදාළ ඉඩමේ මිනින්දෝරු සැලසුම - සහතික කරන ලද පිටපත් 02 ක් සමඟ
- අදාළ ඉඩමේ ඔප්පු පිටපත - ඔප්පුව 2020 න් පසුව ලියාපදිංචි කර ඇත්නම් පළාත් ආදායම් දෙපාර්තමේන්තුවේ මුද්‍රාව තිබිය යුතුය.
- ගොඩනැගිලි සැලසුමෙහි පිටපත් 03 - නේවාසික / ව්‍යාපාරික ගොඩනැගිල්ල වර්ග අඩි 3000 ට වඩා වැඩි නම් වරලත් ඉංජිනේරුවරයකු විසින් සහතික කර තිබීම අවශ්‍ය වේ.
- ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයෙන් (NBRO) ලබා ගත් භූමි යෝග්‍යතා සහතිකය
2024.12.24 දිනැති අංක 2416/10 දරණ අති විශේෂ ගැසට් පත්‍රය මඟින් නාගරික සංවර්ධන ප්‍රදේශ ලෙස ප්‍රකාශයට පත් කරන ලද ග්‍රාම නිලධාරී වසම් 11 සඳහා නාගරික සංවර්ධන අධිකාරී පනත යටතේ ද, ඉතිරි සියලු ග්‍රාම නිලධාරී වසම් සඳහා නිවාස හා නගර සංවර්ධන ආඥා පනත යටතේ ද සියලු අනුමත කිරීම් කටයුතු සිදු කරනු ලැබේ.
3. අනුමත කර නොමැති අවස්ථාවලදී
ගොඩනැගිලි සීමා හා නොපවරවා ගැනීමේ සහතික නිකුත් කිරීම, ජල සහතික නිකුත් කිරීම සිදු නොකරනු ලැබේ.
5. ගාස්තු
| විස්තරය | ගාස්තුව (රු.) |
|---|---|
| අයදුම්පත් ගාස්තු | 250.00 |
| නාගරික සංවර්ධන අධිකාරි පනත යටතේ ක්‍රියාත්මක වසම් සඳහා | 500.00 |
ගොඩනැගිලි සැලසුම අනුමත කිරීම සඳහා පෙරසැරි ගාස්තු වර්ග අඩි ප්‍රමාණය අනුව අය කරනු ලැබේ.