ජල සහතික නිකුත් කිරීම

ජාතික ජල සම්පාදන හා ජලා ප්‍රවාහන මණ්ඩලයේ ඉල්ලීම මත බළන්ගොඩ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ අදාළ පදිංචිකරුවන්ගේ නිවසට හෝ ඉල්ලීමට අදාළ ස්ථානයට ජල සම්පාදන මණ්ඩලය මගින් නල ජලය සැපයීම සම්බන්ධව විරුද්ධත්වයක් නොමැති බව සහතිකයක් මගින් ප්‍රකාශයට පත් කිරීම මෙහිදී සිදු කරනු ලබයි.

1. ඉදිරිපත් කළ යුතු ලේඛන

  • සම්පූර්ණ කරන ලද අයදුම් පත්‍රය
  • ඔප්පුව / පදිංචිය සහතික කරන ලද ග්‍රාම නිලධාරී සහතිකය

2. ගාස්තුව

එක් සහතික පත්‍රයක් සඳහා රුපියල් 500.00 ක ගාස්තුවක් අය කිරීමක් සිදු කරනු ලබයි.