තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත සඳහා වු
1. 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත
2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත මහජනතාවට තොරතුරු දැනගැනීමේ ප්‍රවේශය ලබාදීම සඳහා ක්‍රියාත්මක කරන ලද පනතකි. මෙම පනත 2016 ජූනි 24 වැනි දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලදී. මෙම පනත 2017 පෙබරවාරි 03 දින සිට අමාත්‍යාංශ සහ රාජ්‍ය අධිකාරී සඳහා බලාත්මක විය.
තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත හරහා පනතේ විධිවිධාන අනුව ඔබට අවශ්‍ය තොරතුරු ලබාගෙන ඒ පිළිබඳ අභියාචනා ඉදිරිපත් කිරීමේ හැකියාව ඔබට ඇති අතර ඒ සඳහා පහත නිලධාරීන්ගෙන් සහ තොරතුරු කොමිෂන් සභාවේ සහාය ලබා ගත හැක.
2. බළන්ගොඩ ප්‍රාදේශීය සභාවේ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත සඳහා වූ අංශය
තොරතුරු ලබා ගැනීමට කළ යුතු දේ:
(RTI 01) තොරතුරු ලබාගැනීමේ ඉල්ලුම් පත්‍රයේ ඔබට අවශ්‍ය තොරතුරු පැහැදිලිව සඳහන් කරමින් ඔබට ලිපියක් හෝ විද්‍යුත් තැපෑලෙන් තොරතුරු නිලධාරියා වෙත ඉදිරිපත් කළ හැක.
තොරතුරු නිලධාරි:
- ඩී.ජි.ජේ.කේ.ජයවර්ධන
- ප්‍රධාන කළමනාකරණ සේවා නිලධාරි
- බළන්ගොඩ ප්‍රාදේශීය සභාව
- දුරකථන අංකය: 045-2287276
- ෆැක්ස්: 045-2288909
- ඊමේල් ලිපිනය: balangodaps@gmail.com
තොරතුරු ලබා ගැනීමේ අයදුම් පත්‍රය - RTI 01
මෙතැනින් බාගත කරගන්න
තොරතුරු ලබා ගැනීමේ අයදුම්පත්‍රයට අනුව ලැබුණු තොරතුරු සම්බන්ධයෙන් ඔබ සෑහීමකට පත් නොවන්නේ නම් (RTI 10) අභියාචනා අයදුම්පත්‍රය මගින් නම් කළ නිලධාරියා වෙත අභියාචනාවක් ඉදිරිපත් කළ හැකිය.
නම් කළ නිලධාරියා:
- ජී.කේ.ආර්.එන්.ප්‍රේමරත්න
- ලේකම්
- බළන්ගොඩ ප්‍රාදේශීය සභාව
- දුරකථන අංකය: 045-2287276
- ෆැක්ස්: 045-2288909
- ඊමේල් ලිපිනය: balangodaps@gmail.com
අභියාචනා අයදුම් පත්‍රය - RTI 10
මෙතැනින් බාගත කරගන්න
නම් කරන ලද නිලධාරියාගේ තීරණය ගැන ඔබ සෑහීමකට පත් නොවන්නේ නම්, ඔබට තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාවට අභියාචනයක් ඉදිරිපත් කළ හැකිය.
තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ කොමිසම:
- අධ්‍යක්ෂ ජනරාල් / සභාපති
- තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ කොමිසම
- කාමර අංක 203, 204 දෙවන පරිශ්‍රය
- බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව
- බෞද්ධාලෝක මාවත, කොළඹ 07
- දුරකථන අංකය: 011 2691625 / 0112691265
- ඊමේල් ලිපිනය: rticommission16@gmail.com