රුක් රෝපණ වැඩසටහන්
රුක් රෝපණය යනු පරිසරය ආරක්ෂා කිරීමේ, දේශගුණ විපර්යාස මර්දනය කිරීමේ සහ ජෛව විවිධත්වය ආරක්ෂා කිරීමේ ඉතා වැදගත් ක්‍රියාවලියකි. එක ගසක් රෝපණය කිරීමෙන් ඔක්සිජන් නිපදවීම, කාබන් ඩයොක්සයිඩ අවශෝෂණය, පස ඛාදනය වැළැක්වීම සහ ජලය සංරක්ෂණය වැනි බොහෝ ප්‍රතිලාභ ලැබේ.
“ගසක් රෝපණය කරමු, පොළොවටත් ජීවිතයටත් හුස්මක් දෙමු”
මේ සඳහා ඇප කැප වූ අප විසින් ජල පෝෂක ප්‍රදේශ ආශ්‍රිතව වන වගාව ව්‍යාප්ත කරමින් එහි ආරක්ෂාව තහවුරු කරමින් වන වගා ප්‍රදේශවල ඇති ප්ලාස්ටික්, පොලිතින් ඉවත් කිරීමට කටයුතු කරමින් පරිසර සමතුලිතාවය රැක ගැනීමට කටයුතු කරමින් බල ප්‍රදේශයේ ජනතාවට සෞඛ්‍යය ආරක්ෂිත ජීවිතයකට මංපෙත් විවර කිරීම අප සතු වගකීමකි.
වැඩසටහන්
දරිද්‍රතාවය යනු සමාජයේ මූලික ගැටලුවක් වන අතර, එය අවම කිරීමෙන් පෝෂණය ඉහළ නැංවීමට සෘජු මාර්ගයක් විවර වේ. දරිද්‍රතාවය සහ පෝෂණ අඩුවීම එකිනෙකට බැඳුණු ගැටලු දෙකකි. දරිද්‍රතාවය නිසා පවුල්වලට සත්පෝෂ්‍ය ආහාර ලබාගැනීමේ හැකියාව අඩු වේ, එමඟින් විශේෂයෙන් ළමුන්ගේ සහ මවුවරුන්ගේ සෞඛ්‍යයට බලපෑම් ඇති වේ.
එම තත්වය පාලනය කිරීම සඳහා කාන්තා මුලික ස්වයං රැකියා ඇති කිරීම සඳහා ඔවුනට අවශ්‍ය මූලික දැණුම ලබා දී ක්‍රියාත්මක කර ගැනීමට අත්වැල සැපයීම හා ගැබිණි මවුවරුන් හට පෝෂණ මලු ලබා දීම මඟින් බල ප්‍රදේශයේ ජනතාවට සෞඛ්‍යය ආරක්ෂිත ජීවිතයකට මංපෙත් විවර කිරීම අප සතු වගකීමකි.